අපි ගැන

ශ්‍රී ලංකාවේ උරුමය සහ ස්වභාවික සෞන්දර්යයේ හදවත

 
 

කෑගල්ල

හෙක්ටයාර් 776ක් වු වර්තමාන කෑගල්ල නගර සභා බල ප්‍රදේශය අඹන්පිටිය නාගරිකය, හබුදුගල, අඟුරුවැල්ල, වෑවලදෙනිය, ඔලගම, කුරුදුහින්න, මාදෙයියාව, මීපිටිය, නිල්මල්ගොඩ, පිටිහුම, නාරංගොඩ, රොක්හිල් යන කොට්ඨාස 12න් සහ කෑගල්ල නගරය, මීපිටිය, රංවල, ගොලහැල යන ග්‍රාම නිලධාරී වසම් 04න් සමන්විතය. ලියාපදිංචි ඡන්ද දායකින් සංඛ්‍යාව 14113 කි. නාගරික ජනගහණය 19740කි.

 

කෑගල්ල මහා නගර සභාව ගැන කෙටි හැඳින්වීමක්

ක්‍රි.ව.1895 වසරේ ලෝකල් බෝඩ් යනුවෙන් ද 1989 වසරේ යු.සී.සී යනුවෙන් ද ස්ථාපිතව තිබු කෑගල්ල පළාත් පාලන ආයතනය 1932 වසර දක්වා රජය විසින් පත්කරන ලද නිලධාරී මණ්ඩලයක් විසින් පාලනය කර ඇත. මහජන ඡන්දයෙන් පත් වු නියෝජිත මහතුන්ගෙන් සැදුම් ලත් මුල්ම විධායක මණ්ඩලය 1933 වසරේ පත් වු අතර එම වකවානුවේ සිට වර්තමානය දක්වා මහජන ඡන්දයෙන් පත් වු සභාපතිවරු ගණන 18කි. 2022.09.06 වන දින අංක 2296/05 අති විශේෂ ගැසට් පත්‍රය මඟින් කෑගල්ල නගර සභාව 2023.03.19 දින සිට මහා නගර සභාවක් බවට පරිවර්තනය වූ අතර නාගරික කොමසාරිස්වරයෙකු මඟින් පාලනය වේ.

 

නගර සභාවේ ඉතිහාසය

IMG-20250204-WA0003

ක්‍රි’ව 1895 වසරේ ලෝකල් බෝඩ් යනුවෙන්ද 1989 වසරේ යූ’සී’සී’ යනුවෙන්ද ස්ථාපිතව තිබු කෑගල්ල පළාත් පාලන ආයතනය 1932 වසර දක්වා රජය විසින් පත්කරන ලද නිලධාරී මණ්ඩලයක් විසින් පාලනය කර ඇත. මහජන ඡන්දයෙන් පත්වූ නියෝජිත මහතුන්ගෙන් සැදුම්ලත් මුල්ම විධායක මණ්ඩලය 1933 වසරේ පත්වූ අතර එම වකවානුවේ සිට වර්තමානය දක්වා මහජන ඡන්දෙන් පත්වූ සභාපතිවරු ගණන 18 කි’

2022 සැප්තැම්බර් මස  06 වැනි අගහරුවාදා දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ) මගින් කෑගල්ල නගර සභාව , කෑගල්ල මහා නගර සභාවක් ලෙස සංස්ථාපනය කරන ලදි. ඒ අනුව හෙක්ටයාර් 776 ක් වූ වර්තමාන කෑගල්ල මහා නගර සභා බල ප්‍රදේශය අඹන්පිටිය නාගරිකය” හබුඩුගල, අඟුරුවැල්ල, වෑවලදෙනිය, ඔලගම” කුරුඳුහින්න” මාදෙයියාව” මීපිටිය” නිල්මල්ගොඩ, පිටිහුම” නාරංගොඩ, රොක්හිල් යන කොට්ඨාශ 12 කින් සමත්විය.

ඊ. ඈෂ්ලි පෙරේරා මැතිතුමා - 1933 - 1938
ජී. බී. වී. අතුරුපාන මැතිතුමා - 1939 - 1940
ඒ. අයි. අබේවික්‍රම මැතිතුමා - 1941 - 1944
ආර්. එල්. පෙරේරා මැතිතුමා - 1945 - 1947
පී. බී. බාලසූරිය මැතිතුමා - 1948 - 1949 / 1964 - 1977
අයි. එස්. ජයසිංහ මැතිතුමා - 1949
එස්. කේ. ඒ. පී. සෙනවිරත්න මැතිතුමා - 1950
සී. එෆ්. ඩබ්ලිව්. වික්‍රමසිංහ මැතිතුමා - 1951 - 1963 /1979 - 1981
විශේෂ කොමසාරිස්වරයෙක් යටතේ - 1977 අගෝස්තු සිට 1979 මැයි දක්වා
එස්. කේ. ෂර්ලි සෙනවිරත්න මැතිතුමා - 1982 - 1992
ඒ. ටී. ජී. වික්‍රමසිංහ මැතිතුමා - 1992 - 1996
ආර්. ඩබ්ලිව්. එම්. ජේ. එස්. පෙරේරා මැතිතුමා - 1997 / 2002 - 2006
එච්. ආර්. එස්. යු. නිශ්ශංක මැතිතුමා - 1997 - 2002
ජී. කේ. සමරසිංහ මැතිතුමා - 2006 - 2011 / 2011 - 2015 / 2018 - 2023

අපේ කණ්ඩායම

එස් ඩබ් වෙල්ගම මහතා

නාගරික කොමසාරිස්
035-2222797

නිදීෂා කුමාරි මහත්මිය

නාගරික ලේකම්
035-2232616

එච්.ආර්.එස්.සී.බණ්ඩාර මහතා

නාගරික ගණකාධිකාරී
035-2222591

තිළිණි මුදලිගේ මහත්මිය

පරිපාලන නිලධාරී
035-2223924

දේවිකා බටේපොල මහත්මිය

ආයුර්වේද වෛද්‍යවරයා
071-8655135

වසන්ති බණ්ඩාර මහත්මිය

ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී
071-8078440

අජන්ත බණ්ඩාර මහතා

වැඩ අධිකාරී
071-8078449

අතුල චන්ද්‍රසේකර මහතා

තාක්ෂණික නිලධාරී
071-800 1689

සමන් පාලිත කුමාර මහතා

ආදායම් නිලධාරී
070-5196940

එච්.එම්.එන්.ආර්.හේරත් මහතා

තාක්ෂණික නිලධාරී
071-8105275

ජේ.එම්.ආර්.යූ.කේ. ජයසිංහ මහතා

තාක්ෂණික නිලධාරී
070-2600037

අපගේ වැදගත් ස්ථාන