සේවාවන්
ඔබේ නගරය, අපගේ කැපවීම – සෑම සේවාවකින්ම විශිෂ්ටත්වය ලබා දීම!
පොදු පහසුකම් සලසා දීම.
මහ නගර සභා බල ප්‍රදේශය තුල පිහිටි කිසිදු ආයතනයකයට නම් නොකරන ලද හා කිසිදු අයුරින් පෞද්ගලික අයිතිවාකමක් නොකියන ස්ථානයන් අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සිදුකළ යුතු අවස්ථාවන්හි එම අලුත්වැඩියාවන් සිදුකිරීම, ප්‍රජාවට අවශ්‍ය පොදු පහසුකම් සේවාවන් ලබාදීම හා සභා සීමාව තුළ සිදුකරන භෞතික ඉදිකිරීමකදී නාගරික සංවර්ධන අධිකාරිය හා ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හා අනෙකුත් රාජ්‍ය ආයතන මගින් නිකුත් කරන රෙගුලාසි හා නීති රීති වලට අනුකූලව එම ගොඩනැගීම් සිදුකිරීම විධිමත්ව සිදුකිරීම අපගේ අරමුණයි.
නගර ශාලාව, ජෙනරේටරය කුලියට දීම.
එළිමහන් විවෘත කටයුතු සඳහා නිදහස් මාවත සහ ත්‍රිකෝණාකාර භූමිය කුලියට දීම.
බැකෝ ලෝඩර් යන්ත්‍රය, ගල් රෝල කුලියට දීම.
මහා නගර සභා පාරවල්, කාණු, පැති බැමි, පඩිපෙල්, ළිං, යනාදිය ගොඩ නැගීම හා නඩත්තු කිරිම.
ජිවිත හා දේපළ වලට හානිදායක ගස් කපා ඉවත් කිරීම.
අනවසර ඉදිකිරීම් සහ අනවසර වෙළඳාම් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම.
විදුලි හා ජල බිලෙහි නම සංශෝධනය කිරීම සඳහා අදාළ ආයතන වෙත ලබා දීමට නිර්දේශ සහිත ලිපි ලබා දීම සහ ජල සම්බන්ධතාවන්හිදී සිදුකරන මාර්ග පළුදු කිරීම් අධීක්ෂණය සහ නිසි පරිදි සකස් කිරීම.
දරුවන්ට විනෝදාස්වාදය ලබාගැනීම සඳහා ළමා උද්‍යානයක් පවත්වාගෙන යාම.
වීදි පහන් නඩත්තු කටයුතු සිදුකිරීම.
කොඩි කණු ආධාරක කුලියට දීම.
ආහාර සුරක්ෂිතාවය හා පරික්ෂාව.
රෝග වාහක පාලනය
පාරිසරික බලපත්‍ර ලබා දීම.
නොදිරන කසළ කළමනාකරණය
ජල සාම්පල් පරික්ෂාව
ගිනි නිවීමේ සේවාව ලබා දිම.
සෞඛ්‍ය සේවාවන් ලබාදීම.
මහජන සෞඛ්‍යය ඉහල නංවාලීමට අදාළ බලතල නිසි ලෙස ක්‍රියාත්මක කරමින්, තිබෙන සම්පත් උපරිමාකාරයෙන් යොදා ගනිමින්, බෝවන සහ බෝ නොවන රෝග වලින් තොරව සෞඛ්යාරක්ෂිත ලෙස පරිසරය සංරක්ෂණය කරමින්, ආපදා සඳහා සූදානම් ප්රත්යක්ෂ නගරයක් ලෙස කෑගල්ල නගරය සංවර්ධනය කිරීම අපගේ අරමුණයි.
කසළ එකතු කිරීමේ සේවා.
බදු සහ කුලී ගාස්තු අයකිරීම.
මහා නගර සභා බල ප්‍රදේශයේ ඇති එක් එක් දේපළෙහි වාර්ෂික තක්සේරු වටිනාකම් එකතුවෙහි අනුපාතයක් වශයෙන් ඒ එක් වටිනාකම් එකතුවෙහි අනුපාතයක් වශයෙන් ඒ එක් එක් දේපළ මත පනවා බදු අය කිරීම අප විසින් සිදු කරනු ලබයි. ජනතාවගේ සෞඛ්‍යය හා සනීපාරක්ෂක පහසුව සුභ සාධනය සැලසීම උදෙසා අරමුදල් සම්පාදනය කර ගැනීම අපගේ අරමුණයි.
වරිපනම් බදු අය කිරීම.
තක්සේරු ලේඛනයෙහි නම ඇතුලත් කිරීම.
සභාව විසින් බදු දෙන ලද කඩ කාමරවලින් කඩ කුලී අය කිරීම.
සභාව විසින් බදු දෙන ලද ඉඩම් වලින් බිම් කුලී අය කිරීම.
ප්රචාරක දැන්වීම් පුවරු සදහා මුදල් අය කිරීම.
කර්මාන්ත හා ව්‍යාපාර සදහා බදු අය කිරීම.
විනෝද බදු අය කිරීම.
පොදු වෙළෙඳසැළ හා සතිපොල පවත්වාගෙන යාම.
නගරයේ රථවාහන නැවතුම් ගාස්තු අය කිරීම හා බස්ගාල් ගාස්තු අය කිරීම.
වීදි අතුගෑම.
කසළ එකතු කිරිම.
කසළ වෙන් කිරීම.
ජෛව හායනයට ලක්වන අපද්‍රව්‍ය වලින් කොම්පෝස්ට් නිෂ්පාදනය
දිරාපත් නොවන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම.
සම්පත් පියස වෙතින් කොම්පෝස්ට් පොහොර අලෙවිය සිදුකිරීම.
ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය
එදිනෙදා භාවිතයේ දි නොවැදගත් යැයි සිතා ඉවතලන ඕනෑම ද්‍රව්‍යයක් කසළ ලෙස හදුන්වනු ලබන අතර, .මෙය වර්තමානය වන විට ලෝකයේ අනෙකුත් රටවල් මෙන්ම ශ්‍රි ලංකාව ද මුහුණ පා ඇති ප්‍රධාන ගැටළුවක්ව පවතී. එම කසළ සැලසුම් සහගතව කළමණාකරණය කිරීම තුලින් කෑගල්ල නගරය සුන්දර පුරවරයක් බවට පත්කිරිම අපගේ අරමුණයි.
පුස්තකාල සේවාවන් ලබාදීම.
පහසුවෙන් ලබාගත නොහැකි දැනුම් තොරතුරු එනම් ඉතා වටිනාකමකින් යුත් දැනුම අන්තර්ගත පොත්පත් දුර්ලභ බැවින් තොරතුරු විමර්ශනයක යෙදී දැනුම ලබාගැනීම, නිදහසේ තම රුචිකත්වය පරිදි දැනුම් තොරතුරු ලබාදෙන මාධ්‍යයක් හෝ සාහිත්‍ය රසාස්වාදය ලබාදෙන තොරතුරු මාධ්‍යයක් ලබා ගෙන එය නිවසට ගොස් නිදහසේ අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබාදීම, දිනපතා පළවන පුවත්පත්, සතිපතා පලවන පුවත්පත්, සඟරා හා අන්තර්ජාල තුළින් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය තොරතුරු වලට මඟ පෙන්වීම තුළින් ළමා හා වැඩිහිටි සැමගේ කියවීම වර්ධනය කිරීම, භාෂා කුසලතාවය වර්ධනය කිරීම සඳහාත් තොරතුරු මාධ්‍යයන් ලබා දීම අපගේ අරමුණයි.
එළිමහන් අධ්‍යයන අංශය
පුවත්පත් හා සඟරා අංශය
අධ්‍යයන අංශය
පොත් බැහැර දෙන අංශය
විමර්ශන අංශය
ළමා අංශය
පොත් බැඳීමේ අංශය
ජංගම සේවා
ශ්‍රව්‍ය දෘෂ්‍ය අංශය
රෝගීන් පරීක්ෂා කිරීම සහ නොමිලයේ ප්‍රතිකාර ලබා දීම
වෛද්‍ය උපදේශන සේවාවන් සැපයීම
සභා සීමාව තුළ ජංගම සායන පැවැත්වීම තුළින් නොමිලේ ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම.
ඔසු උයනක් පවත්වාගෙන යාම තුළින් අවශ්‍ය ඖෂධ වර්ග ලබා ගැනීම.
යෝග සහ සුවතා වැඩසටහන් පැවැත්වීම.
නිදහස් ආයුර්වේද සේවාවන් සැලසීම.
කෑගල්ල මහ නගර සභා නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව මගින් ප්‍රදේශයේ ජනතාව වෙත නොමිලයේ ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම සිදුකරනු ලබයි. මෙම ආයුර්වේද ඔසුහල වෙත මසකට රෝගීන් 500 කට අධික පිරිසක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණේ. එමගින් කායික මානසික දෙඅංශයෙන්ම සුවදායී සෞඛ්‍යමත් ජීවිතයක් පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැලසීම අපගේ අරමුණයි.
ආදාහනාගාර හා සුසානභූමි පවත්වාගෙන යාම
උපතේ සිට මරණය දක්වා ජනතාවගේ පහසුව, සුඛ විහරණය හා යහ පැවැත්ම වෙනුවෙන් සේවාවන් ක්‍රියාත්මක කරන පළාත් පාලන ආයතනයක් වශයෙන් බල ප්‍රදේශයේ ජීවත් වන තැනැත්තෙකු මියගිය අවස්ථාවකදී ඇතැම් පිරිසක් සිරිතක් වශයෙන් මෘතදේහයක් ආදාහනය කිරීමටත්, තවත් පිරිසක් සාම්ප්‍රදායිකව දේහයක් භූමදානය කිරීමටත් බලාපොරොත්තු වන අතර, එම මෘතදේහ භූමදානය කිරීම සඳහා ඉඩම් සැපයීම සහ මෘතදේහ ආදාහනය කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම අපගේ අරමුණයි.
සභාව සතු සුසාන භූමි 04 විධිමත්ව නඩත්තු කටයුතු කරමින් පවත්වාගෙන යන අතර ආදාහනාගාර පහසුකම් ද ලබාදීම සිදු කරයි.
කෑගල්ල ආදාහනාගාරය
කෑගල්ල පොදු සුසාන භූමිය
මාදෙයියාව සුසාන භූමිය
ආඬියාහේන සුසාන භූමිය
ඔලගන්කන්ද සුසාන භූමිය
ප්‍රජාශාලා පහසුකම් සැලසීම.
ජනතාවට අවශ්‍ය වැඩසටහන් සංවිධානය කිරීම, වැඩසටහන් පැවැත්වීම, රැස්වීම්, සමිති සමාගම් පැවැත්වීම වැනි අවට වැසියන්ගේ පොදු, සාමූහික කටයුතු සිදුකිරීම සඳහා ප්‍රජාශාලා පහසුකම් නොමිලයේ සලසා දීම තුළින් නාගරික ප්‍රජාවගේ භෞතික යටිතල සංවර්ධන කාර්යයන් මෙන්ම මානව සම්පත් සංවර්ධනය අපගේ අරමුණයි.
සභාව සතු ප්‍රජාශාලා 14ක් භාරකරුවන් වෙත පවරා විධිමත්ව නඩත්තු කටයුතු කරමින් පවත්වාගෙන යාම සිදු කරයි.
රොක්හිල්, මීපිටිය, මිරිහැල්ල, බෙලිගස් පාර, රතඹලාවත්ත, නාගොල්ල, වලව්වත්ත, සිසිලගම, දැදිගම වලව්වත්ත, රංවල, නාන්දිවෙලවත්ත, වික්රමසිංහවත්ත, කුරුඳුහින්න, රද්දල ප්‍රජාශාලාව ආදියයි
පෙර පාසල් පවත්වාගෙන යාම.
දරුවෙකුගේ කුඩා අවදියේ නිවසේදී දෙමපියන් හා අවට පරිසරයෙන් ලබා ගන්නා දැනුමට අමතරව බාහිරව ලැබිය යුතු අධ්‍යාපනය හෙවත් මූලික අධ්‍යාපන අවදිය, සංසන්දනාත්මක අධ්‍යාපනය ඇතුළු සෑම මූලික අධ්‍යාපනික අවශ්‍යතාවයක්ම සපුරාලීම අපගේ අරමුණයි.
නගර සීමාවෙහි වයස අවුරුදු 04 සම්පූර්ණ වු දරුවන් ඇතුළත් කර ගනු ලැබේ. ඊට අමතරව සීමිත වශයෙන් සීමාවේ ආසන්න සිටින දරුවන් ඇතුළත් කර ගනු ලැබේ. සභාව සතු ප්‍රජාශාලා 04ක සුදුසුකම් ලත් පෙර පාසල් ගුරුවරුන් විසින් පෙර පාසල් 04ක් පවත්වාගෙන යාම සඳහා පහසුකම් සපයයි.
- රොක්හිල් පෙර පාසල
- නාගොල්ල පෙරපාසල
- මිරිහැල්ල පෙර පාසල
- රතඹලාවත්ත පෙර පාසල
ක්‍රීඩාංගන පහසුකම් සැපයීම.
“ක්‍රීඩාව යනු ඇදහිය යුතු ධර්මතාවක් මිස, පැළඳිය යුතු පදක්කමක් නොවේ’ කියා ප්‍රකට කියමනක් තිබේ. ක්‍රීඩාව යනු, ජය, පරාජය, සතුට, කඳුළ මුසු වූ සුන්දර අත්දැකීමකි. ඒ වෙනුවෙන් පළාත් පාලන ආයතනයක් ලෙස කෑගල්ල නගර සභාව විසින් සියළු පහසුකම් වලින් සමන්විත ක්‍රීඩා සංකීර්ණයක් පවත්වාගෙන යනු ලබයි. ඉවසීම, කැපවීම, අධිෂ්ඨානය, ආත්ම විශ්වාසය, චිත්ත ධෙර්යය කැටි වූ සාර්ථක පුද්ගලයෙක් නිර්මාණය කරන්නට අවශ්‍ය පහසුකම් සැපයීම අපගේ අරමුණයි.
මහ නගර සභාව සතු ක්‍රීඩා සංකීර්ණය පහත අංග වලින් සමන්විතය.
- මහජන ක්‍රීඩාංගනය
- පිහිණුම් තටාකය
- ගෘහස්ථ ක්‍රීඩාංගනය
- කායවර්ධන මධ්‍යස්ථානය
